පුවත්

නව අයවැය විවිධ දේශපාලන ඇසින්

  • 20 නොවැම්බර් 2015

මෙවර අයවැය ඉලක්කයක් නොමැති යෝජනා මාලාවක් පමණක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අයවැය විවාදයට සහභාගී වී පාර්ලිමේන්තුවෙන් කල් තබා පිටත්ව යමින් සිටිය දී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු මුදල් ඇමතිවරයකු ද වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘මෙය රසක් නොමැති අයවැයක්' වන බවයි.

‘කිසිම ඉලක්කයක් කරා ගමනක් යයි මට පෙනෙන්නේ නැහැ’ හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

කොලේ වසා ගැසීමක්

හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන 2016 අයවැය ලේඛනය විග්‍රහ කරන්නේ ‘කොලේ වසා ගැසීමක්’ හැටියටයි.

අය වැය පරතරය අඩු කිරීමේ 'බලාපොරොත්තු'

  • 20 නොවැම්බර් 2015

Image caption

ධීවරයන් සඳහා රුපියල් මිලියනක රක්ෂණයක් යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනා 'තුලන අයවැයක්' ලෙස සැලකිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය එම් ගනේෂමුර්ති පවසයි.

සවුදි කාන්තාව: 'අභියාචනය ප්‍රතික්ෂේප වී නෑ'

  • 20 නොවැම්බර් 2015

Image copyright
Getty

ගල් ගසා මරා දැමීමට නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් සිටින බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ප්‍රකාශ කරයි.

ආදායම් බදු ගෙවුවොත් 'ජනපති, අගමැති හමුවිය හැකියි'

  • 20 නොවැම්බර් 2015

Image copyright
Getty

Image caption

රුපියල් මිලියන 25 කට වැඩි ආදායම් බදු ගෙවුවොත් 'ජනපති, අගමැති හමුවිය හැකියි'

අය වැය: මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර අහෝසියි

  • 20 නොවැම්බර් 2015

Image copyright
Getty

Image caption

සහනදායී වාහන බලපත්‍ර ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට 'වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වුනා'

මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් ට ලබා දෙන සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක යෝජනා කරයි.