අය වැය පරතරය අඩු කිරීමේ 'බලාපොරොත්තු'

අය වැය පරතරය අඩු කිරීමේ 'බලාපොරොත්තු'

  • 20 නොවැම්බර් 2015

Image caption

ධීවරයන් සඳහා රුපියල් මිලියනක රක්ෂණයක් යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනා 'තුලන අයවැයක්' ලෙස සැලකිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය එම් ගනේෂමුර්ති පවසයි.

“ජාතික ආර්ථිකයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කරන විධිවිධාන සමග ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙන් ම මහජනතාවගේ පොදු අපේක්ෂාවන් සම්බන්ධයෙන් කටයුතු කරන අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකි,” බවයි මහාචාර්යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

උතුරු නැගෙනහිර

උතුරු නැගෙනහිර සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන මෙම අයවැය එම පළාත් වල අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම්, කෘෂි සහ ධීවර කර්මාන්ත වල වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

Image copyright
b

Image caption

බදු අදායම ඉහළ නැංවීම මගින් රජයේ අදායම වැඩි කර ගැනීමට නව අයවැය යෝජනා වලින් බලාපොරොත්තු වේ.

බදු ක්‍රමයේ පවතින විෂමතා සහ දුර්වලතා ඉවත් කරමින් බදු අදායම වැඩි කර ගැනීම සඳහා යෝජනා රැසක් නව අයවැයෙන් ඉදිරපත් කර ඇතැයි කියා සිටින මහාචාර්යවරයා අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා එමගින් මුදල් සපයා ගැනීමට රජය අදහස් කර ඇති බවයි කියා සිටින්නේ.

ජනවාරි මස ජනතාවට ලබා දුන් සහන නිසා ඉහළ ගිය රාජ්‍ය වියදම පාලනය කර ගැනීමට රවී කරුණානායක ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැයෙන් උත්සාහ දරා ඇති බවයි ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න මේ අතර පවසන්නේ.

විශාල අයවැය පරතරයක්

රජයේ සමස්ත අදායම 2015 ට වඩා බිලියන 574 කින් ඉහළ දමමින් බිලියන 2047 ක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

රජය සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඉලක්ක කරන බවයි අසන්ත සිරිමාන්න පවසන්නේ. එමෙන්ම වර්තන ගිණුමේ බිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට රජය බලාපොරොත්තු වීම සුවිශේෂී ලක්ෂනයක් බව ද ඔහු සඳහන් කරයි.

බදු අදායම් වැඩි කර ගැනීම මගින් අයවැය පරතරය පියවා ගැනීමේ උත්සාහයක රජය නිරත වී ඇති බව කියා සිටින ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියේ සංස්කාරකවරයා බදු නොවන අදායම් ඉහළ නැවීමේ හා රජයේ වර්තන වියදම් අඩු කිරීමේ උත්සාහයක ද රජය යෙදී සිටින බවයි පවසන්නේ.

කෙසේ වෙතත් බිලියන 740 ක් පමණ වන අයවැය පරතරය පියවා ගැනීමට දේශීය හා විදේශීය ණය ලබා ගැනීමට සිදුවන බවයි අසන්ත සිරිමාන්න කියා සිටින්නේ.

This entry passed through the Full-Text RSS service - if this is your content and you're reading it on someone else's site, please read the FAQ at fivefilters.org/content-only/faq.php#publishers.

Add new comment

Filtered HTML

  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Allowed HTML tags: <a> <em> <strong> <cite> <blockquote> <code> <ul> <ol> <li> <dl> <dt> <dd><img>
  • Lines and paragraphs break automatically.

Plain text

  • No HTML tags allowed.
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.